29 C
Colombo
June 3, 2025
Local News News

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවානම් එය ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම,මුව ආවරණ නිවැරදිව පැළඳීම ,පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විසබීජ නාශක දියර වලින් සේදීම,සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15 කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම ,තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී .සී.ආර් පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන් ගෙන් සාමාජිකයන් ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.

එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ජීවන්දර මහතා ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.

ඉදිරි මාසය ඉතාම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.

“එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා.ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න.එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්” ජීවන්දර මහතා අවධාරණය කළේය.

උණ,කැස්ස ,උගුරේ වේදනාව ,ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

ගාස්තු ඉහළ දැම්මත් ප්‍රවේශ පත්‍ර පරණ මිලමයි – දුම්රිය මගී අයිතීන් උල්ලංඝනය කරනවා

Shiran Viraj

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

Shiran Viraj

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

Shiran Viraj