27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා එන්නත් 13000ක් පමණ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ දෙමාපියන් සඳහා ලබාදී තිබෙන බවද එම ප‍්‍රමාණය රට තුල සිදු කරන ලද මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් සමහර වෘත්තීය සමිති නායකයන් විසින් එම සෞඛ්‍ය සේවකයන් එන්නත ලබා ගැනීම ඔවුන් ලැබූ වරප්‍රසාදයක් ලෙස අර්ථ දැක්වීමට පටන්ගෙන ඇතැයි ද ලේකම්වරයා කියා සිටියේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

Shiran Viraj

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Shiran Viraj