26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතමෙක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්වීමට උත්සහ කළ ද රටේ මහජනතාව එවැනි ප්‍රචාරවලට හසුනොවී සාමකාමීව පැමිණ තමන්ගෙ මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 18ක පැවති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කිරීමට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇහැළියගොඩ බුලුගහපිටිය පිරිවෙණේ දී මේ බව අවධාරණය කළේය.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ  ද කීවේය.

රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ ග්‍රාමසේවා වසමට එන්නත්කරණ වැඩසටහන එනකොට ග්‍රාමීය කමිටුව විසින් ලබාදෙන වේලාවට පැමිණ කිසිම කලබලයකින් තොරව එන්නත් ලබාගන්නා ලෙසයි.

අපි මාධ්‍යයෙන් දකිනවා සමහර පැතිවල එන්නත්කරණ වැඩසටහන්වල විශාල කලබල ඇති කරගැනීමට උත්සහ කරනවා.

නමුත් අපි එක් පැත්තකින් සතුටු වෙනවා ගම්වලට එනවිට යාපනයට යනවිට රත්නපුරයට යනවිට ගාල්ලට, මාතරට, කුරුණෑගලට යනවිට කොළඹ සමහර ප්‍රදේශවලට යනවිට ජනතාව ඉතාමත් සාමකාමීව අවබෝධයක් ඇතිව ලබාදෙන වෙලාවට පැමිණ මෙම එන්නත් ලබාගන්නවා.

මෙම එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කිරීමට සමහරු උත්සහ කරනවා ඇති.

කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මෙම එන්නත්කරණය සිදු කිරිම අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරනවා ඇති. නමුත් එහෙම දෙයක් නැහැ.

යම් යම් හුදකලා සිදුවීම් සිද්ධ වෙලා තිබෙනවා. ඉදිරියට එම හුදකලා සිදුවීම් සිදුනොවිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.

රත්නුපර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සහ ජාතික තරුණ සේවා සභාවේ හා යෞවන සමාජයන්හි තරුණ තරුණියන් මෙන්ම ග්‍රාමීය කමිටු වලින් ඊට විශාල සහයෝගයක් හිමිය.

සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට වෛද්‍ය නිලධාරිතුමන්ලාට සහ එම කාර්යය මණ්ලඩයට ඉතාමත් පහසුවෙන් මෙම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යාමට එමගින් හැකියාව උදා වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහත්වරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Related posts

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

Shiran Viraj

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Shiran Viraj

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj