31.1 C
Colombo
June 9, 2025
Business Business News

හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..

මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට රජය දැනුම් දී තිබේ.

Related posts

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Shiran Viraj

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

Shiran Viraj