February 1, 2026
BusinessBusiness NewsNews

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. මෙරට විදේශ සංචිත ගැටලුව හේතුවෙන් ඉදිරියේදී විදේශයන්ගෙන් ණය ගැනිමට යාමේදි පවා වැඩි කොන්දෙසී ප්‍රමාණයකට යටත් වීමට සිදු විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 06කට ආසන්න වී ඇති බවද මහාචාර්ය ජනක් කුමාරසිංහ කියා සිටියා.

රට තුළ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී කතාබහක් ද මතුවුණා. රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවටයි බොහෝ පාර්ශව මත පළ කළේ. ඉන්ධන මිල වැඩි කිරීමට හේතුවක් ලෙස ද ප්‍රකාශ කෙරුණේ එයයි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර පළ කළේ මෙවන් අදහසක්. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසර අවසන් වනවිට මෙරට සතුව අමෙරිකානු ඩොලර් බිලියන 5.7 විදේශ සංචිත ප්‍රමාණයක් පැවැති අතර එය මෙම වසරේ මුල් භාගයේදී 4.6 ක් දක්වා අඩුවී තිබෙනවා. ඉකුත් මාර්තු මාසය වනවිට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

nethnews

Related posts

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Shiran Viraj

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

Shiran Viraj

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Shiran Viraj