28.4 C
Colombo
June 9, 2025
News Political

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.

බොහෝ දුරට ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති බවද ඔවුනතර සාකච්චා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු ඉවත් ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් නිලවශයෙන් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැත.

දැනට ඇමරිකාවේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින ඒ මහතා ඉදිරි දින කිහිපයේදී ආපසු මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

Shiran Viraj

නොරොච්චෝල යලි බිද වැටේ…

Shiran Viraj

දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලි

Shiran Viraj