29 C
Colombo
June 3, 2025
News Political

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.

බොහෝ දුරට ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති බවද ඔවුනතර සාකච්චා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු ඉවත් ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් නිලවශයෙන් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැත.

දැනට ඇමරිකාවේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින ඒ මහතා ඉදිරි දින කිහිපයේදී ආපසු මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

Shiran Viraj

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Shiran Viraj

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

Shiran Viraj