27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට වසා දමන්නට සිදුවන තත්වයක් ඇති වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව දැන් තීරණය කළ යුත්තේ සුළු වශයෙන් වැඩකරගෙන වසර මෙම වසර අවසන් වන තෙක් සිටින්නේ ද නැතිනම් සති දෙකකින් නැවත රට වසා දමන්නේද යන්න බව ඒ මහතා පැවසීය.

පසුගිය සංචාරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ දී අත්‍යවශ්‍ය සේවා ලිපි යවමින් අත්‍යවශ්‍ය නොවන බොහෝ පිරිස් ආයතන ප්‍රධානීන් විසින් කැඳවීම් කර තිබූ බවද පැවසූ ඔහු මෙවර එම තත්ත්වය ඇති නොකර ගත යුතු බවද කියා සිටියේය.

රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Shiran Viraj

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

Shiran Viraj