30 C
Colombo
June 7, 2025
Local News News

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලි සිටි ජාතික සමගි ජන බලවේගයේ  නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ

රටේ පවතින කොවිඩ් අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමා නිතිය නිසා ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

ඒ අනුව වැඩි කල ඉන්ධන මිල වහාම අඩු කිරිමට රජය කටයුතු කල යුතු බවද සසංක සම්පත් සංජිව මහතා කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj

උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..

Shiran Viraj

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Shiran Viraj