April 3, 2026
Local NewsNews

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලි සිටි ජාතික සමගි ජන බලවේගයේ  නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ

රටේ පවතින කොවිඩ් අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමා නිතිය නිසා ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

ඒ අනුව වැඩි කල ඉන්ධන මිල වහාම අඩු කිරිමට රජය කටයුතු කල යුතු බවද සසංක සම්පත් සංජිව මහතා කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj