24.8 C
Colombo
July 26, 2025
BusinessBusiness NewsNews

දුරකතන ආනයනය තහනමට සූදානම්…

ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය.

මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන ප්‍රමාණය මේ වන විටත් මෙරටට ආනයනය කර අවසන්ය යයිද ඔහු සඳහන් කලේය.

මෙම වසරේදී ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකථන ගෙන ඇති නිසා මෙම තීරණය ගැනීමට සිදුවනු ඇති බවත් පැවසූ නුදුරේදී අවශ්‍ය මොහොතක එය යළි වෙනස් කිරීමට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.

Related posts

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj