26.1 C
Colombo
June 16, 2025
Local News News

ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

Related posts

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Shiran Viraj

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Shiran Viraj