27.8 C
Colombo
June 7, 2025
News Political

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.

ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි.

මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ද සඳහන් කරන්නේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටි. වෙදාරච්චි මහතා ද ඇස්ටසෙනිකා මාත්‍රා දෙකම ගත් අයෙකි.

Related posts

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Shiran Viraj

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj