27.8 C
Colombo
June 25, 2025
Local News News

මහවැලි ගග පිටාර ගලයි….

මධ්‍යම කදුකරයට  (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය  වලපිටිය සහ වැලිගම්පල  ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj

ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..

Shiran Viraj

අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

Shiran Viraj