February 1, 2026
Local NewsNews

කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට එන්නත් ලබානොදිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා පිරිස පාලනය කිරිම සදහා රෝහල් පාලන අධිකාරිය හැටන් පොලිස් නිලධාරින් කැදවනු ලැබුහ.

(26) දින උදැසන සිට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් 300 දෙනෙකුට එන්නත් ලබාදිමෙන් අනතුරුව පොලිමේ උදැසන සිට රැදි සිටි පිරිසට එන්නත් නොමැති බව පැවසිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා රොහල් සංකිර්ණයේ ප්‍රධාන දොර වසා දැමිමට රෝහලේ ආරක්ෂක අංශ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

පොලිස් නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි පිරිසට රෝහල් පාලන අධිකාරිය විසින් ලබාදුන් අංක සහිත තුන්ඩු බෙදා දිමක්ද සිදු කරනු ලැබුහ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් රෝහල් පාලන අධිකාරිය ලබාදුන් උපදෙස් මත රෝහල් සේවකයෙකු විසින් සිදු වු අපහසුතාවය සම්බන්ධයෙන් එන්නත ලබාගැනිමට පැමිණි පිරිසට කණගාටුව ප්‍රකාශ කල අතර , තුන්ඩු ලබාගත් පිරිසට රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදි එනනත් ලබාදෙනවාද යන්න තහවුරු කරගෙන වෙනත් දිනයක රෝහලට පැමිණෙන ලෙසයි.

(25) දිනද සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට දික්ඔය මුලික රෝහලට පැමිණි පිරිසක් පැය 8 ක පමණ කාලයක් රෝහල් භුමියේ රැදි සිටිමින් එන්නකරණය සිදු කර ගැනිමට සිදුවිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj