February 1, 2026
Local NewsNews

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇත.

පසුගිය රජය සමයේ මෙම දේශපාලනඥයා සම්බන්ධ වූ බවට සැලකෙන ඖෂධ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹීමත් සමග ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල දත්ත ගබඩාව මැකීයාම පිටුපස අබිරහසක් ඇති බව අධිකාරියේ ඉහල නිලධාරියෙක් පැවසීය.

2015-19 රජයේ ආයතනවල සිදු වූ වංචා විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇත්තේ “ට්‍රට්සුසුමැබ්” නම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධය වංචනිකව ගෙන්වීම මගන් පමණක් රජයට රු මිලියන 850 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

2018 වර්ෂයේදී මෙම දත්ත ගබඩාව පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කැඳවා භාර දී තිබූ අතර එකී පෞද්ලිගලික සමාගමේ පරිගණක තාක්ෂණ ශිල්පියකු මෙම දත්ත ගබඩාව මකා දමා ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

– repoter

Related posts

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Shiran Viraj