April 10, 2026
Local NewsNews

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල)  වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු  මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම,   මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාත් 20-30  අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර  ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලුදෙනාම   එසදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භකරතිබේ.

සුදුසුකම්ලත්   පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk  වේබ්  අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , (ICTA), කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය,  විදුලිසන්දේශ  නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන්  සමග එක්ව මෙය කිරියාවට නගයි.

කෙටි  පණිවුඩ මගින්  ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර  1906 වෙත යොමුකළ යුතුවේ .

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් කේත  අතරින් ඔබගේ දිස්ත්‍රික් කේතය  තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH කේත  ලැයිස්තුව ලැබෙනු ඇති. උදා :කොළඹ  ( COL  )

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන ඛේතයන් ලබාගත හැකියි.

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීමට  ඔබ ලබාගෙන  ඇති කේතයන් ඇසුරින්  පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි  පණිවිඩයක් යවන්න.

<NIC> <SPACE> <VACCINATION CENTER CODE>

<ජාතික හැදුනුම් පත් අංකය> <හිස්තැනක්> <එන්නත් මධ්‍යස්ථානය>

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත.  නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය .

ICTA

Related posts

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

Shiran Viraj

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

Shiran Viraj