February 1, 2026
NewsPolitical

තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..

සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන් එසේ කැප කිරීම් කරමින් රට ඉදිරියට ගෙන යා යුතු බවද ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් ජීවත් වෙන ගමන් කොරෝනා රැල්ල මර්දනය කිරීමට කටයුතු කළොත් අද කරන කැප කිරීම දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හේතුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට මන්ත්‍රීවරුන්ද තම වැටුප් පරිත්‍යාග කර ඇති බවත් තව තවත් කැපකිරීම් කරන බවත් පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂ යට ඇඳුම් අල්ලාගෙන දඟලන්නේ ඔවුන්ට අඩුම ගානේ කිසිම ඇඳුමක් නැති නිසා යයිද කියා සිටියේය.

ඇතිව තිබෙන අපහසුතා කෙටි කාලයකට ඉවසුවා කියා ප්‍රශ්නයක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

අයිස් මිල ඉහළට

Shiran Viraj

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

Shiran Viraj

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj