27.8 C
Colombo
June 6, 2025
Business Business News News

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද මෙම තත්වය තව දුරටත් ඉහල යනු ඇතැයි පුරෝකතන හේතුවෙන් ඉන්ධන අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නැතැයි ද මහ බැංකුව කියා සිටියි.

මහ බැංකුව මේ බව කියා සිටින්නේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කරන ලද නවතම වාර්තාව ඔස්සේය.

මිල සූත්‍රය හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවත් ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ක්ෂණිකව ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

Related posts

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

Shiran Viraj

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj