April 2, 2026
BusinessBusiness NewsNews

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඉන්ධන ආනයනය සදහා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වැයවන බවයි.

මහබැංකුව ලබා දෙන්නේ මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඉන්ධන මිලට ගැනීම සදහා දැනට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ එළඹෙන පෙබරවාරි මාසය වන තෙක් පමණක් යැයි ද අමාත්‍යවරයා පවසා ඇත.

ඩොලර් හිගය ඉන්ධන පමණක් නොව ඖෂධ ආනයනයටද බලපා ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සුදුසු බවත් ඔහු පෙන්වා දී තිබේ.

මීට විසඳුමක් නොලැබෙන්නේ නම් ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම වඩා සුදුසු බවද අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් එම යෝජනාවට කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුම එකඟතාවය පළ කර නැත.

මෙහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඉන්ධන ඖෂධ පමණක් නොව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු වුවහොත් ඒවා ද ආනයනය කිරීමට සිදුවන බවයි.

විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලට නොගැනීම නිසා මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ.

රට තුල ඉන්ධන ඉල්ලුම සපුරා ගැනෙන්නේ පිරිපහදු කල පෙට‍්‍රල් ඩීසල් මිලට ගැනීම මගිනි.

Related posts

ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…

Shiran Viraj

අගමැති ලේකම් සමන් ඒකනායක…

Shiran Viraj

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Shiran Viraj