25.1 C
Colombo
July 26, 2025
Local NewsNews

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩු වක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසීය.

රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

Related posts

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

Shiran Viraj

අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

Shiran Viraj

සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?

Shiran Viraj