April 12, 2026
Local NewsNews

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

ග්ලයිෆොසෙට් වල් නාශක තහනමක් ඉවත් කිරීම හේතුවෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගල්යිපොසේට් ඇතුළු පළිබෝධනාශක 5 තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පිළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් ඊයේ දිනයේ අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඊයේ දිනයේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අද දිනයේ ඉවත් කර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

Related posts

මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Shiran Viraj

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Shiran Viraj