30 C
Colombo
June 4, 2025
Local News News

තවත් ගෑස් පිපිරුමක්..

තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන (01) දින පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

(01)දින නිවාස හිමියා ගැස් උදුනෙන් ජලය රත්කර තේ සැදිමෙන් අනතුරුව ගැස් උදුන ක්‍රියා විරහිර කර නිවසින් එළියට පැමිණි අවස්තවේ එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන පුපුරා ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පිපිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ පොලිස් ස්ථාන පරික්ෂණ නිලධාරින් (SOCO)  යටතේ පරික්ෂණ පවත්වන බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Shiran Viraj

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

Shiran Viraj