31.1 C
Colombo
June 9, 2025
Local News News

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Related posts

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

Shiran Viraj

දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..

Shiran Viraj