27 C
Colombo
July 27, 2025
NewsPolitical

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු පැවසීය.

අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනය මුහුණ දෙමින් සිටින බවත් එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

සති අන්ත පුවත්පතක් වෙත ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

Related posts

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj