26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පළමුවෙන්ම දේශපාලනයට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවද පැවසූ ඔහු වංචාව හා දූෂණය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සැලැස්මක් ඇති කර රටේ ආර්ථිකය අනිවාර්යෙන්ම සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Shiran Viraj

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Shiran Viraj