27 C
Colombo
July 27, 2025
Local NewsNews

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් ඇටවූ 75 හැවිරිදි විශ‍්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලක බෝම්බය තැබීමේ සිද්ධියට ද සම්බන්ධ බව එම වෛද්‍යවරයා විසින්ම කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදුන් පාපොච්ඡාරණයේදී අනාවරණය වී ඇත.

මෙම ස්ථාන දෙකටම බෝම්බ තැබීමට බෝම්බ ලබාදුන් පුද්ගලයා ඊයේ (20 දා) හම්බන්තොට රන්න ප‍්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සටහන් කරගත් ප‍්‍රකාශවලින් හෙළිවී ඇත්තේ ඔහු එම දේවස්ථානය සමග ද්වේෂයකින් පසුව ඇති බවයි.

ඔහුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් සියලූ සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක් සමග විවාහ වූ බවයි.

තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් සිත් තැවුලෙන් සිටි බවද සැකකරු පොලිසියට පවසා ඇත. ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විසින් සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයට ඔහුගේ සගයා ලවා බෝම්බය තැබූ බවට පාපොච්ඡුාරණය කළ බවය.

සැකකරුගෙන් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබඳව ද පොලිසිය ප‍්‍රශ්න කර තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට උත්සහ කළද ඇයව ඇතුළත් කරගැනීම එම රෝහල ප‍්‍රතික්ෂේප කළ බවය.

අනතුරුව නාරාහේන්පිට බෝම්බය තැබූ පෞද්ගලික රෝහල මගින් අදාළ කාන්තාව ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප‍්‍රතිකාර කළද ඇය එහිදී මියගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ. එම රෝහල මගින් තම බිරිඳට හොඳින් ප‍්‍රතිකාර කිරීම නිසා රෝහලට ප‍්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් සැකකරු බොරැුල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ තම සගයා ලවා එම රෝහලට ද බෝම්බය තැබූ බව සැකකරු සඳහන් කර ඇත. ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවද සැකකාර විශ‍්‍රාමික වෛද්‍යවරයා පවසා තිබේ. එමෙන්ම ඔහු තම අතෙහි ඇඟිල්ලක මුද්දක් දමාගෙන සිට ඇති අතර සිය බිරිඳට වූ අසීමිත ආදරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවද ඔහු විසින් පොලිසිය හමුවේ පවසා තිබුණි.

බොරැුල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ‍්‍රාමික වෛද්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට වැදගත් තොරතුරු රැසක් හෙළිකර තිබේ.

හේමන්ත රන්දුණු
– divaina

Related posts

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

Shiran Viraj

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Shiran Viraj