27 C
Colombo
July 27, 2025
Local NewsNews

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

ජල විදුලි බලාගාර වල පිහිටි ජලාශ රැසක ජල ධාරිතාව (25) දින අලුයම 6 වන විට තවදුරටත් පහල  බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය අඩි 80.9 දක්වා පහල බැස ඇත.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය අඩි 134 දක්වා ජලය පහල බැස ඇත.

ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82 වන අතර , එහි ජල ධාර්තාව අඩි 75.2 දක්වා පහල බැස ඇත.

විමලසුරෙන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91 වන අතර , එහි ජල ධාරිතාව අඩි 86.8 දක්වා පහල බැස ඇත.

කැනියොන් ජලාශයේ වේල්ලේ උස අඩි 55 ක් වන අතර එම ජලාශයේ මේ වන විට ජල මට්ටම අඩි 49.1 දක්වා පහල බැස ඇත.

කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තවත් මාස කිහිපයකට තාවකාලිකව නතර කර ඇති බවත්,ලක්ෂපාන ,නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජනේරුවන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Shiran Viraj

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

Shiran Viraj

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

Shiran Viraj