32 C
Colombo
April 21, 2026
Local NewsNews

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

ලංකාවේ විදුලි ඉල්ලුමටත් වඩා වැඩි සැපයුමක් ලබාදිය හැකි මෙගාවොට් 3000ක පමණ ධාරිතාවකින් යුතු විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ඇති බැවින් දහවල් කාලයට පැය කිහිපයකට මෙම යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට අදාළ ආයතනවලට යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය. බොහෝ ආයතන මේ සඳහා කැමැත්ත පළ කළ බව හෙතම කියා සිටියේය. විදුලි කප්පාදුවකට නොගොස් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙම ක්‍රමය විශාල පිටිවහලක් වනු ඇති බව ඔහු පවසා සිටියේය.

එමෙන්ම කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර ඇති ඩිජිටල් ප්‍රචාරක පුවරුවල විදුලිය විසන්ධි කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කරන බව සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම රාත්‍රී හතෙන් පසු මාර්ගවල දල්වා ඇති වීදි ලාම්පු රාත්‍රි දහයෙන් පසු නිවා දැමිය යුතු බවද ඔහු පැවසුවේය. ඉදිරියේදී විදුලිය භාවිත කිරීම පිළිබඳව කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කරන නිර්දේශ ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.

මේ පිළිබඳව ඔහු පැවසුවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දක්වා සිටි ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

”කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ජෙනරේටර් එකක් තියෙනවා මෙගාවොට් විස්සක. කැලණිතිස්සටත් වඩා සැපයුමක් මේකෙන් දෙනවා. විදුලි කප්පාදුවක් හැරුනම මේ යන්ත්‍රය තියෙන්නේ නිකන්ම. ඒ වගේම මහබැංකුවේ තියනවා මෙගාවොට් 5ක ජනන යන්ත්‍රයක්, ටෙලිකොම් ආයතනයේ තියනවා මෙගාවොට් තුනක යන්ත්‍රයක්. තවත් මෙවැනි ජනන යන්ත්‍ර බොහෝමයක් තියනවා. අපි ඉදිරියට මේ සියල්ලම භාවිත කරනවා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පැය දෙකකට හරි අක්‍රිය කරන්න කියලා අපි ඉල්ලනවා. ගෙවල්වල තියනවනම් එම යන්ත්‍ර පැය කිහිපයකට හරි අක්‍රිය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. මේ ක්‍රමවලින් ඉදිරියට ගියොත් අපිට විදුලිය කපන්නේ නැතුව ගොඩයන්න පුළුවන්.”

– aruna

Related posts

හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලා

Shiran Viraj

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

Shiran Viraj