26.7 C
Colombo
March 31, 2026
Local NewsNews

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ .

– ලංකාදීප

Related posts

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Shiran Viraj

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj