31.1 C
Colombo
June 9, 2025
Local News News

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග (30)රාත්‍රියේ අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි .

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ලද යතුරු පැදි රැලියක් බස්නාහිර පළාත දක්වා ගමන් කරමින් සිටියදී අලුත්ගම නගරයේ දී රථ වාහන අංශ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙදි මෙම යතුරුපැදි රැලියේ ගමන්ගත් යතුරුපැදි දෙක සමග ධාවනය කල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්‍රදේශයේ අය බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

– තුසිත කුමාර ද සිල්වා

Related posts

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

Shiran Viraj

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

Shiran Viraj

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Shiran Viraj