31.1 C
Colombo
June 9, 2025
Local News News

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග (30)රාත්‍රියේ අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි .

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ලද යතුරු පැදි රැලියක් බස්නාහිර පළාත දක්වා ගමන් කරමින් සිටියදී අලුත්ගම නගරයේ දී රථ වාහන අංශ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙදි මෙම යතුරුපැදි රැලියේ ගමන්ගත් යතුරුපැදි දෙක සමග ධාවනය කල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්‍රදේශයේ අය බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

– තුසිත කුමාර ද සිල්වා

Related posts

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Shiran Viraj

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Shiran Viraj