29.4 C
Colombo
May 20, 2026
Local NewsNews

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ.

මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි හෙළි වී ඇත.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාවය සිමෙන්ති ඇසුරුම් ලක්ෂ හයකි.

දේශීය වශයෙන් සපයා ගන්නා ප්‍රමාණය ඇසුරුම් ලක්ෂ 4 කි.

ඉතිරි ඇසුරුම් ලක්ෂ දෙකක ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවෙයි.

නමුත් ඇතිවී තිබෙන ඩොලර් හිගතාවය මත මෙම ප්‍රමාණය ආනයනය කර ගැනීමට නොහැකි වී තිබේ.

වර්තමානයේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1475 ක් ලෙස නම් කර ඇතත් වෙළඳ පොලේ අලෙවි වන්නේ රුපියල් දෙදහසක් ආසන්න මුදලකටයි.

Related posts

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..

Shiran Viraj