February 2, 2026
Local NewsNews

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

දැනට තාප විදුලි බලාගාර සදහා ඉන්ධන ලබා දීම සිදු කරන්නේ වාරික වශයෙන් බවත් මේ නිසා බලාගාර විටින් විට අක්‍රියවීම බලාගාරවල දෝෂ මතුවීමට හේතුවක් බවත් සංගමයේ ලේකම් රන්ජන් ජයලත් මහතා පැවසීය.

පවතින තත්ත්වය මත ජල විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම මත නුදුරේදීම එම බලාගාර ආශිතව ජල හිඟයක්ද ඇතිවන බව හෙතෙම පෙන්වාදෙයි.

පවතින තත්ත්වය මත ජල විදුලි නිෂ්පාදනය සීමා කර ජලය රැක ගත යුතු බවත් එසේ නොකළ හොත් ඉදිරියේ දී ජල හිගයක් ඇති විය හැකි බවත් ඊට විකල්ප නැති බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Shiran Viraj

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj

රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

Shiran Viraj