February 2, 2026
Local NewsNews

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල කෙසෙල්වත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු තම බාල සහෝදරයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත. 6 දා රාත්‍රී 8.00 ට පමන මෙම සිදුවීම සිදුව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මුල් ඇඪියාවල පදිංචි ලියනආරච්චි කම්කානම් පතිරණගේ රංජිත් (41) කුලී ත්‍රි රෝද රත රියදුරෙකු බව පොලීසිය පවසයි.

මියගිය අයගේ වැඩිමහල් පුතා 5 දා තම සහෝදරයාගේ නිවසේදී නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයෙකු සීරීම හේතුවෙන් සුනඛයා මරා දැමීම සදහා වැඩිමහල් සහෝදරයා පැමිණ ඇත. ඒ කැපීමට යොදා ගන්නා මන්නා පිහියක්ද රැගෙනය. එහිදී සහෝදරයාගේ බිරිදගේ  අත කැපී තුවාල සිදුව ඇත.

මෙම ස්ථානයට පැමිණි බාල සහෝදරයා පොරවක්ද රුගෙන පොරොව මිටෙන් වැඩිමහල් සහෝදරයාට පහරදී පසුව දෙදෙනා පොරබදා ඇති අතර ඉන් අනතුරුව වැඩිමහල් සහෝදරයාගේ පිහියම රැගෙන ඔහුගේ කෙලකපා ඝාතනය කර ඇති බව වාර්තාවේ.

මේ වන විට තුවාල සිදුවූ මල්ලීගේ බිරිද ඇඹිලිපිටිය දිස්තික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම සිද්ධියසම්බන්ධයෙන් පනාමුර පොලීසිය පරික්ෂණ පවත්වයි.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

Related posts

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

Shiran Viraj

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Shiran Viraj

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj