April 3, 2026
Local NewsNews

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ ඉන්ධන භාවිතය අඩු කරවීම නමුත් එම අරමුණ ඉටු වී නැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

එනිසා ජනතාව ඉන්ධන භාවිතය අඩු කිරීම ස්වයං ම සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

‘ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ තමයි භාවිතය අඩු කරවීම. නමුත් පසුගිය වර මිල වැඩි කිරීමේදී ඒ අරමුණ ඉෂ්ට වෙලා නෑ. ඉන්ධන ලබා දීම පාලනය කරන්න ස්ථිර ක්‍රමවේදයක් අපට නෑ. ඉන්ධන භාවිතය අඩු කිරීම විසින්ම ස්වයංව සිදු විය යුතුයි. අපිට නීති දාලා ඉන්ධන භාවිතය අඩු කරන ක්‍රමවේදයක් සකස් කරන්න අපිට බෑ. විදුලි බලය පාවිච්චි අවම කිරීමට ජනතාව දැනුවත් කිරීම හොඳ දෙයක්. ඒ හරහා වක්‍රව ඉන්ධන ඉතිරියකුත් සිදු වෙනවා’

Related posts

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Shiran Viraj

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj