26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට අද පෙරවරුවේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්දයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

අදාල ප්‍රහාරය සම්බන්ධව දැනගන්නට ලැබීමත් සමග අප බලවත් කම්පනයට පත්වූ අතර අප සිටියේ කොළඹින් බැහැරව හෙයින් ඔහුගේ නිවසට යාමට නොහැකිවීම ගැන කණගාටු වෙමු.

මේ සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග එකට එක්ව ඔහුගේ පීඩනය බෙදා ගන්නා අතර මේ සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ද අප නොපැකිළව ඉදිරිපත් වන බව ද සඳහන් කරමු.

අදාල නින්දාසහගත මැර ප්‍රහාරය පිළිබඳව විනිවිද පෙනෙන, අපක්ෂපාතී , සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අප අවධාරණය කරමු.

අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් මෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබෙන අතර එය කුමන තත්වයක් යටතේ හෝ උල්ලංඝනය කළ නොහැකි අනුලංඝනීය අයිතියක් බවද අවධාරණය කළ යුතුව තිබේ.

මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි.”යනුවෙන් ජෝර්ජ් ඕවල් පවසා තිබේ.

රටක සිවුවන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යට හෝ මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතු බවත් එකම වාරණය “ස්වයංවාරණය” බවත් අපි දැඩිව විශ්වාස කරමු.චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා අරභයා ද එය වලංගු වන අතර ඔහු වෙනුවෙන් මාධ්‍ය නිදහස උදෙසා අරගල කරන සියලුදෙනා සමග අපිද කොන්දේසි විරහිතව එකට සිටගනිමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

Related posts

අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

Shiran Viraj

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Shiran Viraj

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj