29.5 C
Colombo
July 9, 2026
Local NewsNews

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

අධිකරණ නියෝගය නොතකමින් වැඩවර්ජන වල නිරත වන පුද්ගලයන් මහා අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

මෙරට ඕනෑම පුරවැසියෙකු අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අවනත විය යුතු බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශවල විවිධ කණ්ඩායම් විසින් ගන්නාවූ ක්‍රියාමාර්ග සමාජයට හා ජන ජීවිතයට විශාල වශයෙන් හානිකර බවත් අධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා දී ඇත්තේ එම සාධාරණ හේතුව මත බවත් ඔහු පැවසීය.

එම නියෝගය නොතකා තවදුරටත් විරෝධතාවල යෙදෙන පිරිස් වහා අත්අඩංගුවට ගත යුතු බවද ඔහු කියා සිටී.

Related posts

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Shiran Viraj

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

Shiran Viraj