27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ඇතැමුන් ඉල්ලා සිටි පරිදි ජනාධිපතිවරයා කෙවිට අතට ගැනීමක් දැයි බලවත් සැකයක් මතු වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. මාධ්‍යවේදීන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරිකයන්, මෙන්ම වෘත්තීය සමිති නායකයන් ඇතුළු බලපෑම් කණ්ඩායම් වෙත වෙත එල්ල වන මෙවැනි තර්ජන සහ බියගුළු ප්‍රහාර මගින් ජනතාව බිය වැද්දිය නොහැක.

පසුගිය දිනවල ජනාධිපතිවරයාට ඇතැමුන් පැවසු පරිදි මේ ‘කෙවිට අතට ගැනීමක්’ ද යන්න පිළිබඳව අපට බලවත් සැකයක් මතුව තිබේ. මේ පිළිබඳ වහා නිසි පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි රජයට බල කරමු.

Related posts

හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Shiran Viraj

විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj