April 8, 2026
Local NewsNews

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ ඒ අනුව විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණයක් ගන්නා බවයි.

දැනට සංස්ථාවේ දෛනික අලාබය රුපියල් කෝටි 365 කට වැඩි බවද පැවසූ ඔහු ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බව ද හෙතෙම පැවසීය.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් මෙම මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතල මූල්‍ය බිඳවැටීමට ලක්වනු ඇති බවද හෙතෙම පැවසීය

Related posts

දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිල

Shiran Viraj

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Shiran Viraj