28.5 C
Colombo
May 20, 2026
NewsPolitical

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..

Shiran Viraj

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

Shiran Viraj

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj