26.8 C
Colombo
July 3, 2025
Local News News

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් පෙබරවාරි මාසේ සිට ලබන ජූලි මාසය දක්වා වියදම් පියවා ගැනීමට එම මුදල ඉල්ලා තිබේ.

සංස්ථාවේ ආදායම පහත වැටීම නිසා වැටුප් ගෙවීම හා වෙනත් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැති බවද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

දැනට එහි ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වෙයි.

සංස්ථවේ සේවක සංඛ්‍යාව නවසියයකට ආසන්න වන අතර ඔවුන්ගේ වැටුප් ගෙවීමට පමණක් මාසයකට රුපියල් කෝටි නවයක පමණක් මුදලක් වැය වෙයි.

Related posts

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

Shiran Viraj

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

Shiran Viraj

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

Shiran Viraj