February 1, 2026
NewsPolitical

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඔවුන් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දීමෙන් ඉවත් වුවද විපක්ෂයට එක් නොවී තවදුරටත් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි ද සඳහන්ය.

මෙම පිරිස ඉවත් වීමත් සමග බොහෝ දුරට ආණ්ඩුවේ සරල බහුතරයද අභියෝගයකට ලක් විය හැකි අතර එය න්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු මත පමණක් තීරණය වනු ඇති බවද සඳහන් වෙයි.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන ගෑස් විදුලි අර්බුදය මත තම ආසන වලට යාගත නොහැකි මහජන නියෝජිතයන් තම ඡන්දදායකයන්ගේ විරෝධය හා බලපෑම් හේතුවෙන් මෙම තරණය ගැනීමට බල කෙරී ඇත.

දැනටමත් කාලයක් තිස්සේම බොහෝ මන්ත්‍රීන් තම ආසන වලට නොයා කොළඹ නිල නිවාස වල නැවතී සිටී.

Related posts

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

Shiran Viraj

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj