April 2, 2026
Local NewsNews

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත් වන බවත් තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා විසින් දන්වා තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී ඇත්තේ වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙසයි.

විදුලි කප්පාදුව ගැන පාරිභෝගිකයන්ට දැනුම් දීමේ අපහසුවක් ඇති බැවින් මෙම වාරණය ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

විදුලි සංදේශ නියාමන කොෂන් සභාව සහ සියලුම අන්තර්ජාල පහසුකම් සපයන්නන් ගෙන් එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබිණි.

Related posts

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

Shiran Viraj