27 C
Colombo
July 27, 2025
NewsPolitical

රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

තමන්ට රටින් පළා ගියේ නැති බවත් එසේ පැන යාමට කිසිදු හේතුවක් තමන්ට නැති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

තමන් දැනට ස්විට්සර්ලන්තයේ සිටින බවත් ඒ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් හෙතෙම පැවසීය.

තමන් රාජකාරි කටයුතු සිදුකරන්නේ ජාත්‍යන්තරය සමග බැවින් එහි ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවද හෙතෙම පැවසීය.

මෙම රාජකාරි කටයුතු අවසන් වූ පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පවසන ඔහු තමන්ගේ රැකියාව මෙලෙස සිදු කරන්නේ වසර ගණනාවක සිට බවද කියා සිටී.

Related posts

මහින්දගෙන් විමල්ට උපදෙසක්

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ‘මෙන්න සුබ ආරංචියක්’- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj