31.1 C
Colombo
June 9, 2025
Local News News

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.

Related posts

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාව

Shiran Viraj

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

Shiran Viraj