July 1, 2026
Local NewsNews

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවූවා යැයි චෝදනා කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට පහරදීමට තැත් කළේ යැයි හිටපු මලල ක‍්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය සෙනසුරාදා (09 දා) ක‍්‍රිකට් සහ මලල ක‍්‍රීඩකයන් රැසක් ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍රය අසල විරෝධතාවක් පැවැත්වූ බවත් එයට තමාද සහභාගි වී අදහස් ප‍්‍රකාශ කළ බවද සුගත් තිලකරත්න මහතා පැවසීය.

එම උද්ඝෝෂණයේදී තමා දැක්වූ අදහස් මාධ්‍යයේ ප‍්‍රචාරය වූ බවත් එය නිරීක්‍ෂණය කළ වෘත්තීය සමිති සාමාජිකයන් තමා සේවය කරන තෙල් සංස්ථා සංකීර්ණයට රාජකාරි (සුභසාධන අංශය) සඳහා පසුගිය සෙනසුරාදා පැමිණි අවස්ථාවේ බැණ තර්ජනය කර පහරදීමට උත්සාහ කළ බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කළ බවද ඔහු කීය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම කරුණු සටහන් කරගත් බවත් ඒ අනුව ඉදිරි සුළු පැමිණිලි අංශය මගින් කරගෙන යන බවත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. නිලන්ත මහතා පැවසීය.

චමින්ද සිල්වා
– දිවයින

Related posts

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

Shiran Viraj

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

Shiran Viraj