April 3, 2026
NewsPolitical

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා හය වන දිනටත් අද පැවැත්වෙයි.

තම පක්ෂය එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ පැවසීමත් සමඟ එම විරෝධතා කරුවන් ඊට දැඩි විරෝධය දක්වති.

සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරමින් ඊට සම්බන්ධ පිරිස් සඳහන් කර ඇත්තේ මෙය නිර්පාක්ෂික අගලයක් බවත් එය තවදුරටත් එසේම පැවතිය යුතු බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් කිසිදු පසු දේශපාලන පක්ෂයක නායකත්වය අවශ්‍ය නොවන බව ද ඔවුන් කියා සිටිති.

බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ මෙම විරෝධතාවයට දේශපාලන නායකත්වයක් ලැෙබන්නේ නම් තමන් ඊට ලබා දෙන සහයෝගයෙන් ඉවත් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින් ඊයේ පැවසුවේ කිසිදු අරගලයක් නිර්පාක්‍ෂික නැති බවත් තමන් මෙම අරගලයට නායකත්වය දෙන බවත්ය.

Related posts

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..

Shiran Viraj

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Shiran Viraj