31.1 C
Colombo
June 9, 2025
Local News News

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා මෙම සතිය තුළ රෝහල් පද්ධතියම කඩා වැටීමෙන් අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි එම සංගමය අනතුරු අඟවා සිටී.

ඇති වී තිබෙන තත්ත්වය කොරෝනා වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා අනපේක්ෂිත ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබීම බරපතල බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..

Shiran Viraj

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Shiran Viraj

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Shiran Viraj