27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා මෙම සතිය තුළ රෝහල් පද්ධතියම කඩා වැටීමෙන් අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි එම සංගමය අනතුරු අඟවා සිටී.

ඇති වී තිබෙන තත්ත්වය කොරෝනා වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා අනපේක්ෂිත ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබීම බරපතල බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

QR බිද වැටෙයි…

Shiran Viraj

රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

Shiran Viraj

“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Shiran Viraj